NewsPolitical

අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…

මෙරට සෑම පාසලක්ම නඩත්තු කිරීමට කිසිවකුත් නොමැති හෙයින් පාසල් ඉදි කිරීම පමණක් නොව නඩත්තුවටත් වැඩසටහනක් අවශ්‍ය බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඒ සඳහා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් හා දානපතියන්ගේ සහාය ලබා ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මොණරාගල බුත්තල ලුණුගල යෝධවැව මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අධ්‍යාපනයට අමතර මුදල් වෙන් කල නොහැකි බව රජය පැවසුවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුට මුදල් සෙවිය හැකි ක්‍රම රාශියක් පවතින බවත් එමගින් අධ්‍යාපන ක්‍රමය වඩාත් හොඳ ගුණාත්මකභාවයෙන් යුක්තව ලබා දිය හැකි බවත් ඔහු එහිදී පැවසීය.

2019 මෙන් වැරදි තීරණ මෙවර නොගන්නැයිද පේ‍්‍රමදාස මහතා එහිදී තව දුරටත් කියා සිටියේය.

Related posts

කොරෝනා ආසාධිත වූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම තත්ත්වය

Malar FM

පෙට‍්‍රල්-ඩීසල් යෝජිත නව මිල ගණන් මෙන්න.. එය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිලයි..

Malar FM

විදුලි ගාස්තු 11.57%කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයෙන් නිල යෝජනාවක්

Malar FM