Local NewsNews

පුෂ්පිකා ලංකාව උඩටම ගෙනේ.. ලෝකෙන්ම හතරවැනියා වෙයි..

අමෙරිකාවේදී පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියෙන් 04 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සමත්ව තිබේ.

මෙවර තරගාවලයේ කිරුළ ජයග‍්‍රමණය කලේ අමෙරිකානු විවාහක රූ රැජිනයි.

මෙම තරගාවලියට රටවල් 58කින් තරග කාරියන් එක්වූහ.

තරගාවලියෙන් පසු පුෂ්පිකාද සිල්වා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

“මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිනියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුණෙමි. තරගය ජයග්‍රහණය කළ පළමු, දෙවන, සහ තෙවන ස්ථාන ලබාගත් විවාහක රූ රැජිනියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.”

“එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුළු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.”

Related posts

අපරාධකරුවන් ආරක්ෂා කළ යුගය අවසන් බවත් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත බවත් ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Malar FM

මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..

Malar FM

රාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..

Malar FM