BusinessBusiness NewsNews

ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..

පිළිකා රෝගය සඳහා අවශ්‍ය වන ඖෂධයක් ලියාපදිංචි නොකර ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෞද්ගලික සමාගමකට අවසර ලබාදී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙසේ අවසර ලබා දී ඇත්තේ එම ඖෂධය ආනයනය කිරීම සඳහා කිසිදු සැපයුම්කරු ඉදිරිපත් නොවීමේ හේතු මතයි.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ සමාගමට ලියාපදිංචියෙන් නිදහස් කිරීමක් මෙම ඖෂධ සඳහා ලබාදී තිබේ.

හදිසි අවශ්‍යතාවය මත මෙම ඖෂධ ආනයන කිරීම නිසා එහි සාම්පල පරීක්ෂා කර අතුරු ආබාධ පරීක්‍ෂා කර බැලීමේ සාමාන්‍ය ක්‍රියාවලිය අනුගමනය නොකරන බවත් ඒ වෙනුවෙන් ඖෂධයේ වගකීම ආනයනකරු විසින් දැරිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මෙම ඖෂධය භාවිතා කිරීමට අනුමැතිය ඇත්තේ රජයේ රෝහල් සඳහා පමණි.

ඖෂධ කුප්පියක උපරිම සිල්ලර මිල නිමකර ඇත්තේ රුපියල් 90,250ක් ලෙසයි.

Related posts

නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට

Malar FM

යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..

Malar FM

කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව-WHO

Malar FM