Local NewsNews

සමාජ ජාලා නියාමනයට රජය සැරසේ.. tiktok ගැන වැඩි අවධානය…

සමාජ ජාලා නියාමනය කිරීම සඳහා කාලය පැමිණ ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

අද වන විට සමාජ ජාල මගින් ඇතිවන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසන පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතු බව ද ඔහු පැවසීය.

අද ටික් ටොක් නමින් සමාජ ජාලයක් ඇති බවත් මේ ආකාරයට සමාජ ජාලා තුළින් ඇතිවෙලා තිබෙන ව්‍යසනයන් පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.

නමුත් සමාජ මාධ්‍ය තහනම් කරන්නැයි තමා නොකියන බවත් මෙය නියාමනය සඳහා වැඩපිලිවෙලක් සකස් කල යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පණත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙසේ පැවසීය.

Related posts

අනාථ වුනු අරලිගහ මැඳුර

Malar FM

මාදැල් කර්මාන්තයේදී යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වැළකී පවතින නීතියට ගරු කරන ලෙසට දැනුම්දීමක්

Malar FM

යෝජිත ගෙවල්කුළි පනතින් නීතිය විකෘති වන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් අනතුරු ඇඟවීමක්

Malar FM