Local NewsNews

සමාජ ජාලා නියාමනයට රජය සැරසේ.. tiktok ගැන වැඩි අවධානය…

සමාජ ජාලා නියාමනය කිරීම සඳහා කාලය පැමිණ ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

අද වන විට සමාජ ජාල මගින් ඇතිවන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසන පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතු බව ද ඔහු පැවසීය.

අද ටික් ටොක් නමින් සමාජ ජාලයක් ඇති බවත් මේ ආකාරයට සමාජ ජාලා තුළින් ඇතිවෙලා තිබෙන ව්‍යසනයන් පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.

නමුත් සමාජ මාධ්‍ය තහනම් කරන්නැයි තමා නොකියන බවත් මෙය නියාමනය සඳහා වැඩපිලිවෙලක් සකස් කල යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පණත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙසේ පැවසීය.

Related posts

මැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

Malar FM

නිර්වින්දන එන්නතකින් පසු රෝගියා සිහිය නොඑයි.. මිය යයි…

Malar FM

රනිල්ගේ හදිසි නීති මඟින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය – ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යාකූල තීන්දුවක්

Malar FM