Local NewsNews

විදුලි ගාස්තු විශාල වැඩි කිරීමක්..

විශාල ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල වැඩි නොකරන බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ ද නුදුරේදීම ඉන්ධන මිල අනිවාර්යෙන් ඉහළ දමන බවයි.

මේ සමගම විදුලි බිල වැඩි කිරීමට ජයට සිදුවන බවත් අද වන විට විදුලිය වැඩි වශයෙන් නිෂ්පාදනය වන්නේ ඉන්ධන මත බවත් ඔහු පැවසීය.

ඒ අනුව නුදුරේදීම ඉන්ධන සහ විදුලිය මිල විශාල වශයෙන් ඉහළ දැමීමට නියමිත බව ද හෙතෙම මාධ්‍ය අමතමින් කියා සිටියේය.

Related posts

අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Malar FM

බංග්ලාදේශ මහ බැංකුවෙන් පාන් ඒෂියා බැංකු නිලධාරීන්ට ප්‍රශංසා: 2016 සයිබර් ප්‍රහාරයෙන් මිලියන 20ක් බේරාගත් හැටි!

Malar FM

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Malar FM