NewsPolitical

අගමැති ඉවත් කලොත් පාරේ විරෝධතා කරන බව පොහොට්ටුව කියයි.. ජනපතිට ලිපියකින් දන්වයි…

අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහන් කර ඇත.

අරලියගහ මන්දිරයේදී ඊයේ අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ දින පැවති හමුවේ දී ඔවුන් මේ බව සඳහන් කර ඇත.

අගමැතිවරයා ඉවත් කිරීමට එකඟ නොවන බවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අගමැතිවරයා සිටිය යුතු වුවත් ඔවුන් අවධාරණය කර ඇත.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් හය දෙනෙකු පමණ මේ බව ප්‍රකාශ කර තිබේ.

අගමැතිවරයා ඉවත් නොකරන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද කටයුතු සූදානම් කර ඇති අතර ඊට පළාත් පාලන නියෝජිතයන් තුන් සියයක් පමණ අත්සන් කර ඇත.

Related posts

ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..

Malar FM

ලොකු මෝල්ලු නාඩු නිකුතුව නවතයි.. මිල තව ඉහල දාන්න යයි..

Malar FM

කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට

Malar FM