Local NewsNews

රාජ්‍ය බැංකුවක සෙප්පුවක තිබු කෝටි 15ක මැණික් ගෙන යාමට එරෙහිව ප්‍රදේශවාසින් විරෝධතා…

හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවක ආරක්ෂාවට තබා තිබු රු කොටි 15 ක වටිනාකමකින් යුක්ත බව පැවසෙන මැණික් ගල් (04) දින රැගෙන යාමට එරෙහිව හැටන් වටවල ප්‍රදේශයේ පිරිසක් එම බැංකු ශාඛාව ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් විරෝධය දක්වනු ලැබුහ.

වටවල සමෘද්ධි ප්‍රජා මුල සමිතිය තවත් පාර්ශව කිහිපයක් එක් කර ගනිමින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අධික්ෂණය යටතේ හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔයේ වටවල මවුන්ට්ජින් වත්ත ප්‍රදේශයෙන් පරිසර හිතකාමි ලෙස නිතියානුකුලව හැටන්ඔයේ තිබු මැණික් ඉල්ලම් ගොඩගැනිමේ ව්‍යාපෘතිය වසරක කාලයක් සිදු කෙරිණ.

එම ව්‍යාපෘතියේදි ගොඩගන්නා ලද මැණික් අලෙවි කිරිමෙන් ලැබෙන මුදලින් 10% මුදලක් එම සමිතියටත් , 30% ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියටත් , එම ව්‍යාපෘතිය සිදු කල වියදම් පාර්ශවයට 60% මුදලකුත් බෙදා යන සේ ගිවිසුම්ගතව මෙම ව්‍යාපෘතිය සිදු කෙරිණ.
එම ව්‍යාපෘතිය සිදු කරන සමයේ ගොඩගන්නා ලද ගෙවුඩ , පුෂ්පරාග සහ පින්ක් යන වටිනා මැණික් ගල් වසරක කාලයක් ආරක්ෂාව සදහා හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තැබිණ.

එසේ ආරක්ෂිත සේප්පුවේ තිබු මැණික් ගල් ප්‍රසිද්ධ වෙන්දේසියක අලෙවි කිරිමට ප්‍රථම එම මැණික් ගල් වල තක්සේරුවක් ලබාගැනිම සදහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් , වටවල සමෘද්ධි ප්‍රජා මුල සමිතියේ නව නිලධාරින් මණ්ඩලය සහ එම ව්‍යාපෘතියේ වියදම් පාර්ශවය විසින් (04) දින රත්නපුර නගරයේ පිහිටි මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරි කාර්යාලයට රැගෙන යාමට පැමිණි අවස්තාවේ වටවල ප්‍රදේශවාසින් පිරිසක් විනිවිද භාවයකින් තොරව වටවල ප්‍රදේශයෙන් ගොඩගත් මැණික් ගල් අලෙවි කිරිමට සුදානම් වන බව චෝදනා කරමින් නොසන්සුන්කාරි ලෙස හැසිරිමෙන් විරෝධතාවයක නියැලුණි.

විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධය මැද්දේ හැටන් පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මැද්දේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් ආරක්ෂා සහිත වාහනයක මැණික් ගල් රත්නපුර දක්වා රැගෙන යනු ලැබුහ.

වටවල ප්‍රදේශවාසින් දක්වන විරෝධය සම්බන්ධයෙන් අප එම ව්‍යාපෘතියේ වියදම් පාර්ශවය දැරු සුරංග ජානක හගරාපිටිය මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ එම ව්‍යාපෘතිය විනිවිද භාවයකින් යුතුව සිදුකල බවත්, වටවල සමෘද්ධි ප්‍රජාමුල සමිතියේ එවකට ලේකම්වරිය වශයෙන් කටයුතු කල කාන්තාවක් එම සමිතිය විසින් පවත්වනු ලැබු නිලවරණයකින් ඉවත් කිරිමෙන් පසු එම ව්‍යාපෘතියෙන් 5 % මුදලක් තමන්ට සහ වටවල ප්‍රදේශවාසින්ට ලබාදෙන ලෙස බලකරමින් මෙසේ විරෝධතාවය දක්වන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්…

Malar FM

නොරොච්චෝල ලොකු දෝෂයක්.. විදුලි ජනනය අඩපනයි.. හැදුවත් දිගටම ලෙඩ දෙයිලු..

Malar FM

අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

Malar FM