Local NewsNews

වෙලදපලේ බිත්තර අතුරුදහන්…

වෙළඳපොල තුළ බිත්තර විශාල හිඟයක් ඇතිවී තිබේ. සිල්ලර වෙළඳුන් සඳහන් කරන්නේ බිත්තර සැපයුම්කරුවන් විසින් බිත්තර සැපයීම මේ වන විට ඉතාම අඩු කර ඇති බවයි.

පාලන මිල පැනවීම හේතුවෙන් අලාභ විඳීමට සිදුවන බව පවසමින් සැපයුම්කරුවන් බිත්තර අලෙවි නොකරන බවද ඔවුන් සඳහන් කරති.

මේ අතර බිත්තර ව්‍යාපාරිකයන් රජයේ පාලන මිල දක්වා ගිය බිත්තර මිල අඩු කිරීමට එකඟතාවය පළ කළ බව වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යා නලින් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඒ අනුව බිත්තර මිල ක්‍රමයෙන් පහත වැටෙනු ඇති බව ද හෙතෙම පැවසීය.

සුදු බිත්තරයක් සඳහා රුපියල් හතළිස් තුනක් රතු බිත්තරයක් සඳහා රුපියල් හතලිස් පහක් ලෙස රජය විසින් පාලන මිලක් පැන වුවද වෙළඳුන් සඳහන් කරන්නේ සත්ව ආහාර හා ඖෂධ මිල ඉහළ යාම මත බිත්තර නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවන සිදුවන බවයි.

Related posts

කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයි

Malar FM

Uber-Pickme පරදන්න ආණ්ඩුවෙන්ම අලුත් App එකක්…

Malar FM

වලාන ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී පොලිසිය සහ මහජනතාව අතර උණුසුම් තත්ත්වයක්

Malar FM