NewsPolitical

හූ හඬ මැද පැන දුවන සජිත්ට අලි ලොක්කා කොචොක් කරයි…

විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස් විසින්ම සංවිධානය කරන ලද විරෝධතාවයක දී එම ජනතාව විසින්ම විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් ම අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය මෙවන් ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන බව ද පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂය මෙවන් බාල වැඩ වලට කැමති නැති බවත් පැවසීය.

විපක්ෂ නායකවරයා හූ හඬ මැද පලා යන අයුරු දුටු විට තමන්ට ඇත්තටම දුක හිතුනු බවද ඔහු කියා සිටියේය.

රටේ හතරවැනි පුරවැසියා විපක්ෂ නායකවරයා බවත් එවන් තනතුරක් මේ ආකාරයෙන් හෑල්ලුවට ලක්වීම ප්‍රජාතන්ත්‍රවාදයට ද මරු පහරක් යයිද මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීම වන්නේ ඉදිරි කිසිවෙකුට හෝ විපක්ෂ නායක තනතුර ගෞරවාන්විතව දැරිය හැකි සඳහා හැකි ලෙස ඉතිරි කර තැබීම් බවද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

Malar FM

ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..

Malar FM

දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේ

Malar FM