BusinessBusiness NewsNews

IMF අනුමැතිය දෙසැම්බරයේ ලැබෙන්නෙ නෑ.. ජනවාරි ලැබෙන්නෙත් චීනය කැමති වුනොත්..- නන්දලාල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාලව චීනය සමඟ සාකච්ඡා පැවැත්වීම ප්‍රමාද වූ නිසා මූල්‍ය අරමුදලේ අනුමැතිය දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට නොහැකි වන බව ද අධිපතිවරයා පැවසීය.

ණය හිමියන්ගෙන් මුල්‍ය සහතික ලබා ගැනීමට ඔවුන් සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක බවද පවතින තත්වය කළමනාකරණ ගැනීමට හැකිවනු ඇතැයිද අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ණය හිමියන්ගෙ මුල්‍ය සහතික ලැබෙන්නේ නම් ජනවාරි මාසයේදී මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා ගත හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සමුළුවක් කොළඹ දී අමතමිනි.

Related posts

බදුල්ලේ උණුසුම වැඩිවී කැරළි මර්දන ඒකකය ගෙන්වයි

Malar FM

මා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා..- රාජිත කියලා..

Malar FM

රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියට

Malar FM