NewsPolitical

මං ජනාධිපති වුනාම ඩෙංගු මර්ධන සහායකයන් 1105ක් ස්තිර කරනවා..

ඩෙංගු මර්ධන කාර්යයේ නිරත වන නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරිමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එකඟත්වය පළ කළද එයට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් මීට පෙර ද එවැනිම කැබිනට් පත්‍රිකා ගණනාවක් ප්‍රතික්ෂේප වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පවතින ආර්ථික අර්බුධය හමුවේ නව රැකියා ලබා දීම අපහසු වුවද මෙම පිරිස මීට වසර 7කට පෙර මෙරට ඩෙංගු මර්ධන ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් 22000ක දීමනාවක් යටතේ බඳවා ගත් රාජ්‍ය සේවකයන් බැවින් දින 180 සීමාව යටතේ ස්ථිර කිරීම සිදු කළ යුතුව පැවැතියතද එය ක්‍රියාත්මක නොවූ හෙයින් නිලධාරීන් 1105ක් අගතියට පත්ව ඇති බවත් මෙම නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් ඉදිරියේදී පවා තමන් සටන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ලෙස සිටි කාලයේ බඳවා ගත් මෙම නිලධාරීන් විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරණ බව පරකාශ කළ විපක්ෂ නායකවරයා, දේශපාලන පළිගැනීමකට ලක් වූ මෙම පිරිසට සාධාරණයක් ඉටු කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අපොහොසත් වුවහොත් ඉදිරියේ දී බිහිවන සමගි ජන බලවේග රජයක් යටතේ එම පත්වීම් ස්ථිර කිරිමට නිසැකයෙන්ම කටයුතු කරන බව ද අවධාරණය කළේය.

– Media unit

Related posts

ලුණු මිල 200 ඉක්මවා ඉහලට..

Malar FM

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

Malar FM

ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

Malar FM