Local NewsNews

බස් ගාස්තු ඉහලට..?

ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමග බස් ගාස්තු ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් හෝ බස් ගාස්තු ඉහල දැමීමට රජය අවසර දිය යුතු බවද සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62 ඉහළ නංවා තිබීම මත මෙසේ බස් ගාස්තු වැඩි කිරීම සිදු කළ යුතු බවද හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ දැම්මද බස් ගාස්තු ඉහළ දමා නොදමන බවයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ඉන්ධන මිල ඉහළ යාම 4% ට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු ඉහළ දැමිය හැකි බවයි.

නමුත් රුපියල් දහයකින් මිල ඉහළ යෑම 2%ක පමණ ප්‍රතිශතයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…

Malar FM

රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි

Malar FM

Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනී

Malar FM