Local NewsNews

සුළි සුළග උතුර කළඹයි..

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව හා සුලි කුණාටු තත්වයක් හේතුවෙන් පුද්ගල හානි සහ දේපල හානි වාර්ථා වී ඇතැයි ආපදාකලමනාකරන කාර්යාල මගින් පෙන්වා දෙයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අද (03) වන විට පවුල් 150 කට අධික පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇති අතර නිවාස 10 කට පමණ අර්ධ හානි සිදුව ඇතැයි යාපනය ආපාදාකලමනාකරන කාර්යාලය පෙන්වා දෙයි.

මේ අතර කිලිනොච්චිය කණ්ඩාවලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේදී පැවති වර්ෂාව හා සුලි කුණාටු තත්වයක් හේතුවෙන් ගෙවත්තේ තිබූ පොල් ගසක් නිවසක් මතට කඩා වැටීම හේතුවෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර නිවාසට බරපතල හානි සිදුව ඇත.

එමෙන්ම මුලතිව් දිස්ත්‍රීක්කයේද අධික වර්ෂාව හේතුවෙන් පවුල් 100 කට අධික පුද්ගලයින් 400 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇතැයි මුලතිව් දිස්ත්‍රීක් ආපදාකලමනාකරන කාර්යාලය පැවසීය.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි ස්ථාන කිහිපයකට ගංවතුර තත්වයක්ද ඇතිවීම හේතුවෙන් ජනතාව පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමානකරන ඒකකය වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංක

Related posts

Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයි

Malar FM

විදුලි මිල සංශෝධනයට පෙර මහජන අදහස් විමසීම අනිවාර්ය බව උපයෝගිතා කොමිසම කියයි

Malar FM

අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..

Malar FM