Local NewsNews

Online ණය පොලිය 300%යි.. වාරික පරක්කු වුනොත් අසභ්‍ය පින්තූර බුකිය පුරා…

බංකොලොත් රටේ විවිධ විදේශීය කූඨ ව්‍යාපාරිකයන් විදේශයේ සිට සහ ලංකාවට පැමිණ මාර්ගගත ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගිණි පොළියක් අය කර සිටින බවත් මෙහි දී ඇපය ලෙස පුද්ගලයන්ගේ ඡායාරූප, පවුලේ ඡායාරූප ලබා ගන්නා බවත් දවසක් හෝ දෙකක් ණය නොගෙවන්නේ නම් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන තර්ජනය සහ අපහාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා දැනුවත් කළ අවස්ථාවේ නෛතික ගැටලුවක් පවතින නිසා මෙවැනි දේ සිදුවන බව පැවසූ බවත් ඒ අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා පැය 2ක පමණ කාලයක් මෙම ණය උගුලට හිරවූ පුද්ගලයන් සමඟ සාකච්ඡා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර මෙම ණය මෝරුන් සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් මොවුන් සියයට 300ක පොළියක් අය කර සිටින බවත් ණය ගෙවීම දවසක් හෝ පමා වුවහොත් දුරකතනයෙන් තර්ජනය කිරීම මෙන්ම පවුලේ ඡායාරූප අසභ්‍ය රූප සමඟ සංස්කරණය කර සමාජ මාධ්‍ය හරහා අපහාස කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේය.

නව නීති ගෙන ඒමේදී මෙවැනි කූඨ ව්‍යාපාර සිදු කර ගෙන යාම වළක්වාලමින් කටයුතු කරන ලෙසත් මොවුන් මෙරටට පැමිණි වීසා කොන්දේසි සොයා බලා වැරදි ආකාරයට සිටි නම් රටින් පිටුවහල් කරන ලෙසත් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙවැනි කූඨ ව්‍යාපාරවලින් ණය ගත් පුද්ගලයන් එම ණය නොගෙවන ලෙසත් ඉල්ලා සිටින බවත් පැවසීය.

– media unit

Related posts

වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදෙස් නිසා ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේ

Malar FM

සල්ලි ගහන මැෂින් ගමක් ගානේ බෙදුවනම් හරි.. මොල හතයි කිවුවට මොල බාගයක්වත් නෑ…

Malar FM

එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන්නැයි ට්‍රම්ප් කියයි

Malar FM