Local NewsNews

අකුණු වැදී ගවයින් මියයති..

නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමග අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු ජිව්තක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය පොලිස් වසමට අයත් දොළොස්භාග පාරේ ගලමුදුන වතුයායේ තෘණ කැම සදහ ගැට ගසා සිටි ගවයන් සිව්දෙනෙකුට  අකුණු සැර වැදිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

අකුණු සැර පතිත වි ඇති ස්ථානායේ විශාල වලක් ද හැරි ඇති බවත්, මියගිය සතුන්ගේ වටිනාකම ලක්ෂ අටක් වන බවයි ගොව්පොල හිමිකරු කියා සිටියේ.

අකුණු සැර පතිත විවෘත භුමි වල හෝ විශාල රුස්ස ගස්යට රැදි නොසිටින ලෙස අපාදා කළමණාකරන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටි.

– රංජිත් රාජපක්ෂ

Related posts

19 යේ ඇති ස්වාධීන කොමිෂන්වලට අත තබනවාට ජාත්‍යන්තරයේ විරෝධය

Malar FM

ප්‍රධාන මාර්ගයේ කොටසක් ලොරියක් සමග ගිලා බසි….

Malar FM

IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

Malar FM