Local NewsNews

යාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..

යාපනය කයිටිස් පොලිස් බලප්‍රදේශයේ සාඩි මුහුදු තීරයේදී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 145 ක් සමගින් බෝම්බ කොටස් කිහිපයක් ලඟතබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට යපනය පොලිස් විශේෂ කර්ය බලකාය පවසයි.

සාඩි මුහුදු තීරයේදී ඊයේ දින යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති අතර එහිදී සැකකටයුතු පුද්ගලයෙකු ගමන්කරමින් සිටියදී ඔහු පරික්ෂ කිරීමේදී සමීපයේ තිබූ බෑග් තුල අදාල පුදුරණද්‍රව්‍ය කොටස් හා බෝම්බ කොටස් තිබී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙට ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සමීපයේ පුපුරද්‍රව්‍යවලට අමතරව අර්.පී.ජී. උණ්ඩ කොටස් 08 ක් සහ මිලිමීටර් 60 වර්ගයේ මෝටර් උණ්ඩ කෙටස් 12 ක් තිබී සොයාගනු ලැබීය.

අදාල පුපුරණද්‍රව්‍ය හා බෝම්බ කොටස් සැකකරු විසින් කුමර කාර්යක් සඳහා ලඟ තබාගෙන සිටියේදැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර නීතිවිරෝදී මසුන් මැරිම සඳහා මෙම පුපුරණද්‍රව්‍ය හා බෝම්බ කොටස් රැගෙන යන්නට ඇතැයි පොලිස් විශේෂ කර්ය බලකාය සැකපල කර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මාන්කුම්බාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හා පුපුරණද්‍රව්‍ය කොටස් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය කයිට්ස් පොලීසිය වෙතට භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංක

Related posts

ඉන්දීය පරාජයෙන් දෙදෙනෙකු සිය දිවි නසාගනී.. අයෙක් කම්පනයෙන් මැරෙයි…

Malar FM

මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..

Malar FM

මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ.. පුපුරුවා හැරීමට සූදානම් කෙරේ..

Malar FM