NewsSportsSports News

වනිදුට දඬුවම්.. විනිසුරුටත් එරෙවි වී LPL නීතිත් කඩලා..

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලියේ නුවර කණ්ඩායමට නායකත්වය දෙන වනිදු හසරංගට දඩ මුදලක් නියම කර තිබේ.

ශ‍්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක දඩ මුදලක් ඔහුට නියම කර ඇත්තේ තරග නීති විරෝධී ලෙස ක්‍රීඩා ඇඳුම් හා උපකරණ භාවිතා කිරීමේ චෝදනාව මතය.

එම දඩ මුදල තරග ගාස්තුවෙන් අය කිරීමටද තීරණය වී තිබේ.

තරගාවලියට එක්වන සියලුම ක්‍රීඩකයන්ට තම කණ්ඩායමට අයත් ඇඳුම් හා උපකරණ ලබා දී තිබියදී වනිදු හසරංග ඊට අදාළ නොවන ලාංඡනයක් සහිත හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඔහු එම හෙල්මටය පැළඳ ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවේ විනිසුරුවා එය ඉවත් කර වෙනත් හෙල්මටයක් පලදින ලෙස උපදෙස් දී ඇතත් වනිදු විනිසුරු තීරණයට අවනත නොවීම හේතුවෙන් දඩ මුදල නියම වී තිබේ.

Related posts

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා ලබන මාසයේදී මෙරට ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව ඛනිජ තෙල් සභාපති පවසයි

Malar FM

ඇමති අලි සබ්රිගේ ප්‍රකාශය උද්දච්චයි, ජන වරම හෑල්ලුවට ලක් කරනවා – ජාතික සංවිධාන වලින් චෝදනා

Malar FM

ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර – ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම්

Malar FM