News Sports Sports News

වනිදුට දඬුවම්.. විනිසුරුටත් එරෙවි වී LPL නීතිත් කඩලා..

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලියේ නුවර කණ්ඩායමට නායකත්වය දෙන වනිදු හසරංගට දඩ මුදලක් නියම කර තිබේ.

ශ‍්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක දඩ මුදලක් ඔහුට නියම කර ඇත්තේ තරග නීති විරෝධී ලෙස ක්‍රීඩා ඇඳුම් හා උපකරණ භාවිතා කිරීමේ චෝදනාව මතය.

එම දඩ මුදල තරග ගාස්තුවෙන් අය කිරීමටද තීරණය වී තිබේ.

තරගාවලියට එක්වන සියලුම ක්‍රීඩකයන්ට තම කණ්ඩායමට අයත් ඇඳුම් හා උපකරණ ලබා දී තිබියදී වනිදු හසරංග ඊට අදාළ නොවන ලාංඡනයක් සහිත හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඔහු එම හෙල්මටය පැළඳ ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවේ විනිසුරුවා එය ඉවත් කර වෙනත් හෙල්මටයක් පලදින ලෙස උපදෙස් දී ඇතත් වනිදු විනිසුරු තීරණයට අවනත නොවීම හේතුවෙන් දඩ මුදල නියම වී තිබේ.

Related posts

රටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…

Shiran Viraj

සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි..

Shiran Viraj

ඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..

Shiran Viraj