Local NewsNews

බස් මගියෙකු එම බසයටම යටවී මිය යයි…

බදුරලිය පොලිස් වසමේ බදුරලිය දිහේන මාර්ගයේ දිග්ගොඩ ප්‍රදේශයේදී බදුරලිය දෙස සිට දිහේන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන් ගත් මගියෙකු බස් නැවතුම්පොලෙහි බස් රථය නැවැත්වීමෙන් පසු ඉදිරි දොරටුවෙන් බැස ඇත.

නැවත බස් රථය ගමන් ආරම්භ කරන අවස්ථාවේදී, එම බස් රථය ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහා කිරීමේදී බස් රථයේ ගැටී ඇද වැටී රථයේ ඉදිරි රෝදයකට යට වී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ මගියා බදුරලිය රෝහලට ඇතුලත් කිරීමෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 70 ක් වූ හොරගොඩවත්ත, බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. බදුරලිය පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Repoter

Related posts

ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

Malar FM

ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවට දන්වයි..

Malar FM

කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

Malar FM