Local NewsNews

බස් මගියෙකු එම බසයටම යටවී මිය යයි…

බදුරලිය පොලිස් වසමේ බදුරලිය දිහේන මාර්ගයේ දිග්ගොඩ ප්‍රදේශයේදී බදුරලිය දෙස සිට දිහේන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන් ගත් මගියෙකු බස් නැවතුම්පොලෙහි බස් රථය නැවැත්වීමෙන් පසු ඉදිරි දොරටුවෙන් බැස ඇත.

නැවත බස් රථය ගමන් ආරම්භ කරන අවස්ථාවේදී, එම බස් රථය ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහා කිරීමේදී බස් රථයේ ගැටී ඇද වැටී රථයේ ඉදිරි රෝදයකට යට වී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ මගියා බදුරලිය රෝහලට ඇතුලත් කිරීමෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 70 ක් වූ හොරගොඩවත්ත, බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. බදුරලිය පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Repoter

Related posts

කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..

Malar FM

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Malar FM

රසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලි

Malar FM