NewsPolitical

මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුර

ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ජාතික ජන බලවේග රජයක් වඩාත් කැමති බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

‘අපි අපේ ගුවන්තොටුපොළේ නවීකරණයක් සිදු කළ යුතුයි. කටුනායක ගුවන්තොටුපොළ නවීකරණය කිරීමට පැමිණි ආයෝජකයන් එය දාලා ගියේ ඇයි කියලා හැමකෙනෙක්ම දන්නවා.

අපි ප්‍රතිපත්තියක් ලෙස ජාතික ගුවන් සේවයට පක්‍ෂපාතී වන අතර, දැන් අපට ශ්‍රීලංකන් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා.

එය රජයේ තබාගෙන වර්ධනය කරන්න පුළුවන්ද. රජය සහ කළමනාකරණ හැකියාව තිබෙන සමාගමක් එක් කරගෙන ඒකාබද්ධව මෙහෙයවන්න පුළුවන්ද. නැත්නම්, මුළුමනින්ම අත්හැර දමනවාද යන විකල්ප තුන අප හමුවේ තිබෙනවා.

එයින් අප වඩාත් කැමැති ජාතික ගුවන් සේවය රජය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්නයි’

Related posts

දහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප‍්‍රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරන

Malar FM

පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Malar FM

‘ආපදා කළමනාකරණය දුර්වලයි’ – IMF කොන්දේසි අත්හිටුවා, කඳුකර ඉඩම් විකුණා දැමීම නවත්වන්න: ජන අරගල සන්ධානය

Malar FM