International NewsNews

බංගලි අරගල සැප ඉවරයි.. අන්තර්වාර රජය බංකොලොත්.. IMF වෙතින් බිලියන අටක් යදී… පෝලිම් Loading….

මාස කීපයක් තිස්සේ ඇති වූ ප‍්‍රචණ්ඩකාරී අරගල හේතුවෙන් බංගලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ශික් හසීනා ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවන ලද නව අන්තර්වාර රජය පවත්වාගෙන යාමට අරමුදල් සම්පාදනය බරපතළ ගැටලුවක් වී ඇත.

ඒ හේතුවෙන් අන්තර්ජාතික අරමුදල් සම්පාදන ආයතන හරහා ඩොලර් බිලියන අටක ආධාරයක් අන්තර්වාර රජය ඉල්ලා තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම සෙසු ණය දෙන ආයතන හරහා මෙම මුදල් ලබා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

ගත වූ මාස කිහිපයකදී එරට තුළ ඇති වූ අරගලය සමඟ මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක් ඇතිව තිබේ.

දැනටමත් බංගලාදේශය ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100කට වැඩිවන අතර ඒ සඳහා වන ණය පොලිය ගෙවීමට ඩොලර් බිලියන තුනක් කඩිනමින් අත්‍යවශ්‍යය.

පවතින විදේශ මුදල් හිඟතාවය මත එරට තුළ ආහාර ඉන්ධන ඇතුළු සැපයුම් ජාල බිඳ වැටීමේ ඉහළ අවදානමක් ලක්ව තිබේ.

දැටමත් ඇතැම් ප්‍රදේශවල ජනතාව ආහාර, ඖෂධ, ඉන්ධන රැස්කිරීම ආර්ම්භ කර තිබූම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවයක්ද මතුවීමෙන් ඇත.

Related posts

ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්

Malar FM

අපි රට හදාගෙන එද්දී මිනිස්සුන්ට විරුවෙක් ගේන්න උවමනා වුනා..

Malar FM

ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිම

Malar FM