NewsPolitical

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් බලාපොරොත්තු වන සහයෝගය නොලැබෙන බවද පවසන ඔහු ජනාධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණයක එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සිටින්නේදැයි සැකයක් ඇති බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය ලබාදීමට එක්ව සිටින කණ්ඩායමෙන් පමණක් ජනාධිපතිවරණය මෙහෙයවිය නොහැකි බවත් පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂයෙන්ද අවශ්‍ය සහයෝගය ලැබිය යුතු බවද කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

Related posts

වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ තමන්ට ලැබුණු නොබෙල් සාම පදක්කම ජනපති ට්‍රම්ප් වෙත පිරිනමයි

Malar FM

ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්

Malar FM

පාස්කු ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ වැඩක් නොවේ – මුජිබර් රහුමාන්

Malar FM