NewsPolitical

රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..

ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණීමට සැලසුම් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට තුළ පවතින වීසා හා විදේශ ගමන් බලපත්‍ර අර්බුදය මත දුෂ්කරතාවයට මුහුණ පා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

විදේශගත ශ්‍රමිකයන් විශාල පිරිසක් මැතිවරණයට මෙරට පැමිණෙන අපේක්ෂාවෙන් සිටියද විදේශ ගමන් බලපත්‍ර කල් ඉකුත් වීම හා ඒවා අලුත් කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් විසා ලබා ගැනීමේදීද දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවත් හෙතෙම කියා සිටියේය.

ආණ්ඩුව ඇතැම් විට හිතාමතාම මෙම ප්‍රශ්නය උග්‍ර වීමට ඉඩදී ඇත්දැයි සැකයක් ඇතිවී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවට

Malar FM

දිවයින පුරා ඖෂධ පාර්සල් 11000 ක් බෙදා අවසන්

Malar FM

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Malar FM