Local NewsNews

පාස්පෝට් පෝලිමේ හිරිකිත ජාවාරමක්.. එපොයිමන්ට් එකක් 45,000යි.. පෝලිමේ තැනක් 25,000යි..

මෑත දිනවල මෙරට ඇතිවී තිබෙන විදේශ ගමන් බලපත්‍ර පෝලිම පසුපස මාපියාවක් ක්‍රියාත්මක වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

විදේශ ගමන් බලපත්‍ර පෝලිම් සම්බන්ධයෙන් රජයට එල්ලවනා චෝදනා පිළිබඳව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

“පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්. අපි රෑ 12ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා. මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම එපොයිමන්ට් ඉවරයි. එක කට්ටියක් සිම් පත් 100ක් පමණ අරගෙන එවලෙම එපොයිමන්ට් ටික අරගන්නවා. ඒ එපොයිමන්ට් එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට.

ඒක මම දැනගත්විට වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා. නවත්තලා පෝලිමේ එන්න අරින්න, එතකොටත් පෝලිම හැදෙනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ පෝලිමේ ඉඳලා ඒක විකුණනවා රුපියල් 20,000ට 25,000ට. ඊට පස්සේ තමයි මම තීරණයක් ගත්තේ පෝලිම භාරගන්න කිව්වා පොලීසියට. පොලිසියට කරන ක්‍රමය කිව්වා ඒ දිනයෙන් පස්සේ දැන් 10.30, 11.30 වනවිට පෝලිම් ඉවරයි. පාස්පෝට් අවුලට ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට ගියා කිව්වා. මේවා අමූලික බොරු. දැන් පාස්පෝට් චීෆ් මෙතන ඉන්නවා.”

Related posts

වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

Malar FM

IMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…

Malar FM

දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…

Malar FM