Local NewsNews

අපේ පෙර සූදානම නිසා ආපදා අවම වුණා..- ලේකම්

පසුගිය මාස කිහිපයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ආපදා පෙර සූදානම් වැඩපිළිවෙළ හේතුවෙන් මෙවර ආපදා හානි අවම වී ඇතිබව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පැවසීය.

ඒ අනුව පසුගිය මාස කිහිපයේ අඛණ්ඩව ගිංගඟ සහ මාදු ගඟෙහි ජලය බැස යාමට අවහිර වන ලෙස පාලම් ආධාරකමත සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුවිය.

ඒ දක්ෂිණ නාවික විධානයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිවයි.

ඒ හේතුවෙන් කිසිදු අපහසුවකින් තොරව ජලය බැස යාම හේතුවෙන් ගංවතුර අවධානමක් ඇති නොවූ බව පැවසීය.

මේ අතර ආපදා ඇතිවේයැයි හඳුනා ගෙන ඇති නෙළුව ,තවලම ,නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අවශ්‍ය වුවහොත් යුද හමුදා සහ නාවික හමුදා බට කණ්ඩායම් ස්ථානගතකිරීම අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

මේ වනවිටත් එම ප්‍රදේශ වල බෝට්ටු ස්ථාන ගතකිරීම සිදුකර ඇතිබව ලේකම්වරයා පැවසීය.

Related posts

‘ඉරාජ්ට පහර දීමක් වෙලා…’- ඔහුගේ මිතුරා පේෂල කියයි..

Malar FM

චීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..

Malar FM

අඩන්නද හිනාවෙන්නද කියා හිතාගන්න බෑ.. ශ‍්‍රීලනිපය පොහොට්ටුවට එක්වුනාට මං විරුද්දයි..

Malar FM