Local NewsNewsPolitical

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩය

78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් සිටින ඓතිහාසික මොහොතක මෙවර නිදහස් දිනය සමරන බවයි. වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් ලබා ගැනීමටත්, ජාත්‍යන්තරය හමුවේ අදූෂිත දේශපාලන සංස්කෘතියක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව සන්නාමගත කිරීමටත් හැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරයි.

රජයේ මීළඟ ප්‍රධාන අරමුණ වන්නේ මෙම සාර්ව ආර්ථික ප්‍රතිලාභ දිවයිනේ සියලු පළාත්වල වෙසෙන සියලු ජාතීන්ට ගලා යාමට සැලැස්වීම බව ජනාධිපතිවරයා සිය පණිවිඩය මගින් පෙන්වා දෙයි. මෑතකාලීනව රට මුහුණ දුන් ස්වභාවික ව්‍යසනය හමුවේ වුවද, ගොඩනගාගත් ස්ථාවර පදනම මත යළි යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ඔහු සඳහන් කළේය. අතීතයේදී නිවැරදි දිශානතියක් කරා යාමට මගහැරුණු ස්වර්ණමය අවස්ථා මෙවර මග නොහරින බවත්, පෞරාණික උරුමයන් ආරක්ෂා කරගනිමින් දියුණු හා ගෞරවනීය රාජ්‍යයක් ගොඩනැගීමට තිර අදිටනින් වෙහෙසෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

විසිඑක්වන සියවස තුළ රටේ ජනතාව අපේක්ෂා කරන දියුණු සහ යහපත් රටක් නිර්මාණය කළ හැකි බවට තමා තුළ අචල විශ්වාසයක් පවතින බව ජනාධිපතිවරයා පවසයි. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන සුන්දර සිහිනය සැබෑ කරගැනීම සඳහා එකමුතුව සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳගන්නා ලෙස ඔහු සියලු පුරවැසියන්ට ආරාධනා කරයි. මඟහැරුණු ජයග්‍රහණ අත්කර ගනිමින් නිදහසේ සැබෑ අරමුණු කරා රට රැගෙන යාම රජයේ මෙන්ම ජනතාවගේ ද සාමූහික වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබපැතුම් පණිවිඩය මගින් අවධාරණය කර ඇත.

Related posts

වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන් යානයක් දිවයිනට

Malar FM

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

Malar FM

ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයි

Malar FM