Local NewsNews

ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනයට කැබිනට් අනුමැතිය

සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් එක් කරගැනීමට තිබූ ප්‍රධානතම බාධාවක් ඉවත් කරමින්, එම විදුලිය ගබඩා කිරීම සඳහා වන බැටරි ගබඩාකරණ පද්ධතියක් (BESS) ස්ථාපනය කිරීමේ ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි විදුලි උපපොළවල් 16ක් ආශ්‍රිතව මෙගාවොට් 10 සහ මෙගාවොට් පැය 40 බැගින් වන ස්වාධීන බැටරි පද්ධති ස්ථාපනය කෙරේ. ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 160 ක ධාරිතාවක් සහ මෙගාවොට් පැය 640 ක ගබඩා කිරීමේ හැකියාවක් ජාතික පද්ධතියට එක්වීමට නියමිතය. ‘ඉදිකිරීම, හිමිකර ගැනීම සහ ක්‍රියාත්මක කිරීම’ (Build Own and Operate – BOO) යන ක්‍රමවේදය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, මේ සඳහා විදේශීය හා දේශීය ආයතන වෙතින් ටෙන්ඩර් 153ක් වැනි විශාල ප්‍රමාණයක් ලැබී තිබූ බව රජය සඳහන් කරයි.

තාක්ෂණික හා අනෙකුත් පිරිවිතරයන් සලකා බලා ස්වාධීන ටෙන්ඩර් කමිටු මගින් ඉදිරිපත් කළ නිර්දේශ මත පදනම්ව 2026 ජනවාරි 02 දින මෙම අවසන් අනුමැතිය හිමි විය. මෙවැනි බැටරි පද්ධති ස්ථාපනය කිරීම හරහා සූර්යාලෝකය නොමැති රාත්‍රී කාලයේදී පවා ගබඩා කරගත් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට හැකි වන බැවින්, ඉහළ පිරිවැයක් සහිත තාප විදුලි උත්පාදනය සීමා කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

Related posts

පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

Malar FM

ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා වෛද්‍ය අනිල් ජාසිංහ එක්වෙනවා : සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවට කියයි

Malar FM

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

Malar FM