Local NewsNews

‘එක මිටට ගොවි බිමට..’ සියළු ඉඩම්වල වගා කරන්නැයි ගෙයින් ගෙට දන්වයි…

එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහන ආරම්භය (පෙබරවාරි 15) පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරය ඉදිරිපිට කුබුරු යායේදී කෘෂිකර්‌ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්තුමන්, නි.කොමසාරිස්තුමන් ඇතුලු ගොවිජන සංවර්ධන නිළධාරීන්, කෘෂිකර්‌ම දෙපාර්තමේන්තු නිළධාරීන්, පළාත් කෘෂිකර්ම නිළදාරීන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතන නිළධාරීන්, ගොවි සංවිධාන නිළධාරීන් සහ ප්‍රදේෂයේ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් රට තුළ පවත්වා ගෙන යාමත්, දේශීය ආහාර පරිභෝජනයට අමතරව කෘෂි භෝග ආශ්‍රිත අපනයන ආදායම ඉහළ නැංවීම සහ රට තුළ කෘෂිකාර්මික භෝග නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම සඳහා වගා නොකරන සියලුම කුඹුරු සහ ගොඩ ඉඩම් වගා කරවීමට ගොවි ජනතාව දැනුවත් කිරීම ” එක මිටට – ගොවි බිමට ” ජාතික වැඩසටහන හෙට දින (පෙබරවාරි 15 දින) සිට ආරම්භ වේ.

කෘෂිකර්‌ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මැතිතුමාගේ උපදෙස් මත ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ගොවිජන සේවා බල ප්‍රදේශ 566ක් තුළ ක්‍රියාත්මක කෙරේ.

වගා නොකරන කුඹුරු සහ ගොඩ ඉඩම්වල ඉඩම් හිමියන්, භුක්තිකරුවන් සහ වගාකරුවන් වෙත තමන්ට අයත් ඉඩම වගා කරන ලෙස දන්වමින් ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම සඳහා නිවේදන පත්‍රිකාවක් ලබා දීමට නියමිත අතර, මෙම දැනුවත් කිරීම පෙබරවාරි 15 දින ආරම්භ කර පෙබරවාරි 23 දක්වා සිදු කරනු ඇත.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශයේ උපදේශකත්වය යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙය වීමෙන් කෘෂිකර්‌ම දෙපාර්තමේන්ව ඇතුලු කෘෂිකම ක්ෂේත්‍රයේ සියලුම රාජ්‍ය ආයතන වල දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.

Related posts

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව රුපියල් මිලියන 8ක මූල්‍ය වංචා චෝදනා මත නඩු පැවරීමට අල්ලස් කොමිසම තීරණය කරයි

Malar FM

මං රට පාලනය කරද්දී පවතින ක‍්‍රමය වෙනස් කරනවා..- උවිදු විජේවීර

Malar FM

අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…

Malar FM