කිරින්ද ධීවර වරායේ වැලි ගොඩකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නිකුත් කර තිබූ කැඳවීම් නොතකා හැරීම හේතුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් රාජ්‍යයට රුපියල් මිලියන 20කට අධික පාඩුවක් සිදු වී ඇති බවට චෝදනා එල්ල වේ.
තමන්ට නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ඊයේ (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
විමර්ශකයෝ පවසන්නේ, සේනාරත්න මහතාගේ නිවස හිස්ව ඇති බවත්, ඔහුගේ දුරකථන ක්‍රියා විරහිත කර ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින බවට සැක කරන බවත්ය.