Local NewsNewsPolitical

නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයි

පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දිනය යනු මෙරට සියලු පුරවැසියන්ගේම නිදහස් දිනය බවත්, එයට ජාති, ආගමික හෝ ප්‍රාදේශීය භේදයක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, විවිධ දේශපාලන අරමුණු පසෙක තබා ජාතික ධජය යටතේ එකතු වන ලෙස රජය සෑම කෙනෙකුටම ආරාධනා කරන බවයි.

ඇතැම් දමිළ දේශපාලන පක්ෂ සහ නායකයන් අතර පවතින බල අරගල හේතුවෙන් ජාතික නිදහස් දිනය වැනි අවස්ථාවලදී විවිධ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒවා හුදෙක් ඔවුන් අතර පවතින ප්‍රශ්න මිස රටේ පොදු ප්‍රශ්න නොවන බව සඳහන් කළේය. වත්මන් රජය යටතේ දමිළ සහ මුස්ලිම් ජනතාව ඇතුළු සියලු පුරවැසියන්ට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද ඔහු පැවසීය. විශේෂයෙන්ම “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව ගොඩනැගීමට රජය ගන්නා ක්‍රියාමාර්ගවලදී කිසිදු ජාති හෝ ආගම් භේදයක් නොසලකන බව ද මෙහිදී අනාවරණය විය.

ජාතික සමගිය නිර්මාණය වන මෙවැනි වැදගත් අවස්ථාවන්හිදී දේශපාලනඥයන් කළ යුත්තේ එයට සහයෝගය ලබා දීම මිස කලු තිතක් තැබීම නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. සියලු දෙනා ඒකාග්‍ර වන මෙවන් ජාතික උත්සවයක වටිනාකම සුරැකීම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බව රජයේ ස්ථාවරයයි.

Related posts

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

Malar FM

මාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරු

Malar FM

සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Malar FM