BusinessBusiness NewsLocal NewsNews

පාම් ඔයිල් මිල ඉහළ යෑම සහ හිඟය නිසා බේකරි කර්මාන්තය දැඩි අර්බුදයක

වෙළෙඳපොළ තුළ පාම් ඔයිල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමක් මෙන්ම දැඩි හිඟයක් ද පවතින බව බේකරි නිෂ්පාදකයෝ පවසති. මෙරට බේකරි නිෂ්පාදන කටයුතු සඳහා බහුතරයක් නිෂ්පාදකයන් පාම් ඔයිල් යොදා ගන්නා අතර, මහා පරිමාණ ව්‍යාපාරිකයන් සිව්දෙනෙකු විසින් විදෙස් රටවලින් පාම් ඔයිල් ගෙන්වා බෙදාහැරීම පාලනය කරන බවට ඔවුහු චෝදනා කරති. මීට පෙර රුපියල් 770ක්ව පැවති පාම් ඔයිල් කිලෝ ග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 870 දක්වා රුපියල් 100කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පාම් ඔයිල් මිල ඉහළ යාමට සාපේක්ෂව වෙළෙඳපොළේ පොල්තෙල් මිල ද රුපියල් 20ක පමණ මුදලකින් ඉහළ ගොස් ඇතැයි බේකරි නිෂ්පාදකයෝ පෙන්වා දෙති. පාම් ඔයිල් වෙනුවට ඇතැම් නිෂ්පාදකයන් සන්ෆ්ලවර් ඔයිල් (සූරියකාන්ත තෙල්) භාවිත කිරීමට පෙළඹුණ ද, මේ වන විට වෙළෙඳපොළ තුළ සන්ෆ්ලවර් ඔයිල් ද සොයා ගැනීමට නොමැති තරමට හිඟයක් පවතින බව සඳහන් වේ. මෙම තත්ත්වය හමුවේ බේකරි නිෂ්පාදන පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී තිබේ.

තෙල් වර්ගවල මිල ඉහළ ගියද, වෙළෙඳපොළේ පොල් තොග මිල රුපියල් 20කින් පමණ පහත වැටී තිබීම පුදුමයට කරුණක් බව බේකරි නිෂ්පාදකයෝ වැඩිදුරටත් සඳහන් කරති. තෙල් මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී සංශෝධනය වීමට ඉඩ ඇති බවට ද ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි. පසුගිය දිනවල පාලක මිල පිළිබඳ පැවති සාකච්ඡා මධ්‍යයේ මෙවැනි මිල ඉහළ යෑමක් වාර්තා වීම පාරිභෝගිකයන්ට ද බලපෑමක් වනු ඇත.

Related posts

විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපති

Malar FM

නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..

Malar FM

දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක්.. ඔ්නෑම මොහොතක සමාජයේ රෝගීන් හමුවිය හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..

Malar FM