Local NewsNews

අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් මිලියන 400ක එන්තරවාසි

පසුගිය ජනවාරි 23 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය, රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් බවට හඟවමින් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ලේක්හවුස් ආයතනයෙන් සහ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් රුපියල් මිලියන 400ක වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර ඇත. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා වන ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පියවර ගෙන තිබේ.

දිනමිණ වෙබ් අඩවිය සහ යූටියුබ් නාලිකාවක් ඔස්සේ තමාගේ සහ පක්ෂ නායකයින්ගේ ඡායාරූප භාවිත කරමින් මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙම පුවත නිර්මාණය කිරීමට සහ ප්‍රචාරය කිරීමට දායක වූ බවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික සහකාර ප්‍රගීත් අතාවුද, වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන සහ වෛද්‍ය අංජුල හේරත් යන මහත්වරුන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා හරහා මෙම එන්තරවාසි යොමු කර ඇත.

සමාජය තුළ වැරදි මතයක් ජනගත කරමින් සිදුකළ මෙම අපකීර්තිය වෙනුවෙන් එන්තරවාසි ලිපිය ලැබී දින 14ක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවන ලෙසත්, එසේ නොමැති නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි දක්වා ඇත. මීට අමතරව මෙම අසත්‍ය ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය තුළ සංසරණය කරවීමට දායක වූ සෙසු පිරිස් පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

Related posts

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම යළි සලකා බලන්න – කරු ජයසූරිය ජනාධිපතිගෙන් ඉල්ලයි

Malar FM

ආණ්ඩුව ජවිපේ කනෙන් රිංගලා.. අනුර ජනපති කරන ප්‍රචාරයේ තිරය පිටුපස කතාව..

Malar FM

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රීයේදී

Malar FM