NewsPoliticalSports

විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි

විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින්, රටේ සංස්කෘතිය විනාශ කරමින් ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත තීන්දු ගනිමින් මැතිවරණ ජයගත හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය බරපතළ වැරදීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ තම පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බවත්, හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වා ආණ්ඩුවේ ජනප්‍රියතාව මැන බලන ලෙසත්ය.

පසුගිය කාලයේ එල්ල වූ දූෂණ චෝදනා සහ ලිපිගොනු පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, යහපාලන ආණ්ඩුව සමයේ රාජපක්ෂවරුන්ට මඩ ගැසීම සඳහා විවිධ පාර්ශ්වයන්ට මුදල් ගෙවා ඇති බව හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුම දැන් පිළිගෙන ඇති බවයි. එදා කැබ් රථවලින් ලිපිගොනු මිටි ගෙනා පුද්ගලයන්ගෙන් සහ “ෆයිල් හංගාගෙන සිටි” බව කියන නිලධාරීන්ගෙන් දැන් ඒ පිළිබඳව විමසිය යුතු බවත්, තමන් පවසන අසත්‍යයන් ඔප්පු කිරීමට නොහැකි වූ විට ආණ්ඩුව දැන් විවිධ බහිනබස්වීම් සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

මහා සංඝරත්නයට සලකන ආකාරය පිළිබඳව රජය විවේචනය කළ මන්ත්‍රීවරයා, ත්‍රිකුණාමලයේ බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට ගිය ස්වාමීන් වහන්සේලා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම වැනි සිදුවීම් හරහා ආණ්ඩුවේ දේශපාලන බංකොලොත්භාවය පෙනෙන බව පැවසීය. තරුණ පරම්පරාවට අසීමිත බොරු පවසා බලයට පැමිණි ආණ්ඩුව දැන් තම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ‘ලෝටස් මූමන්ට්’ (Lotus Movement) හරහා සිවිල් සමාජය සහ තරුණ පිරිස් ඒකරාශී කරමින් තම කඳවුර දේශපාලනිකව පෙළගැසෙමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්න

Malar FM

කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..

Malar FM

කොළඹ සිට එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය මැයි 11 සිට කාලසටහනකට අනුව

Malar FM