Local NewsNewsPolitical

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට

චීන ජියෝ-ඉංජිනේරු සංස්ථාවේ (China Geo-Engineering Corporation) ශ්‍රී ලංකා ශාඛාව විසින් ඉදිකිරීම් නිම කරන ලද තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමේ නිල උත්සවය පසුගිය ජූලි 10 වැනිදා දේශීය වේලාවෙන් පස්වරු 1.30ට පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් (Qi Zhenhong) මහතා සහ එම මහත්මිය, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු පළාත් පාලන නිලධාරීහු රැසක් සහභාගි වූහ.

තානාපති චී චෙන්හොන්ග්, අමාත්‍ය සුසිල් රණසිංහ සහ අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන් විසින් ව්‍යාපෘතිය විවෘත කිරීම නිල වශයෙන් සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කරන ලදී. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ව්‍යාපෘතියේ සාර්ථක නිමාව පිළිබඳව සුභාශිංසන එක් කළ අතර, ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කර කාලසීමාවන් තුළ වුවද ගිවිසුම්ගත වගකීම් නිසි පරිදි ඉටුකරමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට කටයුතු කළ චීන සමාගමේ වගකීම් සහගත පියවර අගය කළේය. ශ්‍රී ලංකාවේ ජල සම්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් චීනය ලබාදෙන අඛණ්ඩ සහයෝගයට ද අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.

චීන-ශ්‍රී ලංකා ‘එක් තීරයක් – එක් මාවතක්’ (Belt and Road Initiative) වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වූ ප්‍රධාන ව්‍යාපෘතියක් වන මෙම තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය, නියමිත දිනට දින 40කට පෙර, එනම් පසුගිය ජූනි 30 වැනිදා සාර්ථකව නිම කර භාර දීමට කටයුතු කර තිබුණි.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා චීන තාක්ෂණය, චීනයේ නිෂ්පාදිත උසස් ජල පිරිපහදු යන්ත්‍රෝපකරණ සහ ස්වයංක්‍රීය පාලන පද්ධති භාවිතා කර ඇති අතර, එමඟින් ජල සැපයුම් ජාලයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ආරක්ෂණ ප්‍රමිතීන් ඉහළ නංවා තිබේ. ව්‍යාපෘති කාලය තුළ දේශීය ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා 1,000කට අධික ප්‍රමාණයක් උත්පාදනය කිරීමට ද පියවර ගෙන තිබුණි.

මෙම ජල යෝජනා ක්‍රමය සක්‍රීය වීමත් සමඟ ප්‍රදේශයේ වැසියන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට හැකිවන අතර, 90,000කට අධික ජනතාවකට වඩාත් ආරක්ෂිත, ස්ථාවර සහ විශ්වාසදායක පානීය ජලය සැපයීමට මින් අවස්ථාව සැලසේ. මෙය කලාපයේ ආර්ථික වර්ධනයට මෙන්ම ජන ජීවිතය නඟාසිටුවීමට ද සුවිශේෂී දායකත්වයක් සපයනු ඇත.

Related posts

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

Malar FM

හෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..

Malar FM

අසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)

Malar FM