Local NewsNews

ඉන්දියානු මුහුදු සීමාවේ අකරතැබ්බයට ලක්වූ ශ්‍රී ලංකා ධීවර යාත්‍රා 25කට ඉන්දියානු වෙරළ ආරක්ෂිත කලාපයට ඇතුළුවීමට අනුමැතිය හිමිවෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති දැඩි ප්‍රචණ්ඩ ‘ආර්නැබ්’ (Arnab) චක්‍රවාතය හමුවේ ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඉන්දියාවට ආසන්න මුහුදු සීමාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා 25කට ආරක්ෂිත පියවරක් ලෙස ඉන්දියානු මුහුදු සීමාවට ඇතුළු වීමට ඊයේ (27) අවසර හිමිවී තිබේ.

කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය බලධාරීන් මෙම අවසරය ලබාදී ඇත.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ චක්‍රවාතය තවදුරටත් වර්ධනය වෙමින් පවතින පසුබිමක, අදාළ ප්‍රදේශයේ රැඳී සිටින ධීවර යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය මඟින් මෙම පියවර ගෙන තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාවන්ට අනුකූලව, අදාළ අවදානම් සහිත මුහුදු ප්‍රදේශවලින් වහාම ඉවත් වී සුරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස එම ධීවර යාත්‍රාවලට උපදෙස් දී ඇත.

මේ අතර, පවතින කාලගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා අදාළ මුහුදු ප්‍රදේශවල නිරතව සිටින සියලුම යාත්‍රා හිමිකරුවන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිල වශයෙන් දැනුවත් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණික අනතුරු ඇඟවීම් සහ උපදෙස් කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ලෙස ධීවර අමාත්‍යාංශය සමස්ත ධීවර ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related posts

පළාත් 3කට අදත් හවසට වැසි

Malar FM

නුවරඑළියට මහ විපතක්: කඳපොළ එළවළු වගා සම්පූර්ණයෙන්ම විනාශයි!

Malar FM

මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්

Malar FM