International NewsNews

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රධාන හමුදා සහ යටිතල පහසුකම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක්

යුක්‍රේන අගනුවර වන කියෙව් (Kyiv) නගරය සහ ඒ හා සම්බන්ධ හමුදා හා කාර්මික මධ්‍යස්ථාන මෙන්ම අත්‍යවශ්‍ය බලශක්ති සහ ප්‍රවාහන යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් මහා පරිමාණයේ ඒකාබද්ධ ප්‍රහාර මාලාවක් දියත් කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

රුසියාව නිකුත් කළ ප්‍රකාශයකට අනුව, යුක්‍රේන හමුදාවන් වෙත ආයුධ, හමුදා උපකරණ සහ සන්නද්ධ වාහන සැපයීමේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් ලෙස භාවිත වූ කියෙව් නගරයේ පිහිටි ‘උතුරු පාලම’ (Northern Bridge) විශේෂයෙන්ම මෙම ප්‍රහාරයන්හි ඉලක්කය වී ඇත. මීට අමතරව, කෲස් මිසයිල (cruise missiles) නිෂ්පාදනය සෙසු බවට පැවසෙන නිෂ්පාදනාගාර ද මෙම ප්‍රහාර හමුවේ ඉලක්ක වී තිබේ.

කියෙව් කලාපයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක්, විදුලි අනුපොළක් (electrical substation) සහ හමුදා උපකරණ නිෂ්පාදනාගාරයක් ඇතුළු බලශක්ති හා කාර්මික මධ්‍යස්ථාන කිහිපයකට දැවැන්ත හානි සිදුව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.

වැඩිදුරටත් වාර්තා වන පරිදි, රුසියානු හමුදාව විසින් ෂිතෝමියර් (Zhytomyr) කලාපයේ පිහිටි තවත් විදුලි බලාගාරයකට ද ප්‍රහාර එල්ල කර ඇත. එමෙන්ම, යුක්‍රේනයේ හමුදා අවශ්‍යතාවයන් සඳහා භාවිත කළ හැකි ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට පැවසෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට (cargo vessel) කළු මුහුදේදී (Black Sea) ප්‍රහාර එල්ල කිරීමට රුසියානු නාවික හමුදාව සමත්ව තිබේ.

Related posts

පුංචි කාර් මිළ යළිත් ඉහළට

Malar FM

‘පෙර රජයක් සිටියා නම් විනාශයේ බරපතළකම සිතාගැනීමටත් අපහසුයි’ – ජාතික භික්ෂු පෙරමුණ

Malar FM

රටේ ජනතාව ඉල්ලන වෙනස කරන්න පුළුවන් නාමල් රාජපක්‍ෂටයි..

Malar FM