Local NewsNews

ත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩුවීමක්-පොදු ප්‍රවාහනයේ සීඝ්‍ර වර්ධනයක්

2016 වසරට සාපේක්ෂව 2017 වසරේ ත්‍රීරෝද රථ ලියාපදිංචිය අඩු වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ පසුගිය වසරේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සියයට 50කින් පමණ අඩු වී ඇති බවයි.
එහෙත් පොදු ප්‍රවාහන සේවා සඳහා වන බස් රථ ලියාපදිංචිය පසුගිය වසරේ වැඩි වී ඇති බව  ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.
2017 වසරේ දී මුළු වාහන ලියාපදිංචිය හාර ලක්ෂ 48,625ක් වන බවත් 2016 දී හාර ලක්ෂ 93,328 ක් වන බවත් ඒ අනුව වාහන 5000 ක ලියාපදිංචියෙ වෙනසක් ඇති බවත් කොමසාරිස්වරයා පවසයි.
මොටර් සයිකල්වල ලියාපදිංචියේ සීඝ්‍ර වැඩිවීමක් ඇති බවත්, 2016 වසරේ දී ත්‍රීරෝද රථ 56,945 ක් ලියා පදිංචි කර ඇති අතර 2017 දී එය 23,395 ක් ලෙස අඩුවී තිබේ.
නමුත් බස් රථවල ලියාපදිංචියේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර එය 2016 වසරේ දී 2685ක් වන අතර 2017 වසරේ දී එය 3302 ක් බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් ඉදිරියේ දී එන්ජින් ධාරිතාව අස්වබල 1000 ට වඩා අඩු වාහන සඳහා ආනයනික බදු සහන ලබා දී ඇති බවත් එනිසා 2018 වසරේ දී කුඩා වාහන ලියාපදිංචිය සීඝ්‍රයෙන් වැඩි වෙනු ඇති බවට අපේකෂා කරන බව ද කොමසාරිස්වරයා පවසයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..

Malar FM

තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…

Malar FM

එජාපය විසින් ශ‍්‍රීලනිප සංවිධායකයක් මුදල් දී බා ගන්නවා.. ගෝටාට සහාය දීම ගැන ඇතැම් සංවිධායකයන් නොසතුටින්…- දයාසිරි

Malar FM