NewsPolitical

බැඳුම්කර වාර්තාවෙන් ‘එජාපයේ කීර්ති නාමයට’ හානියක් වුණාද? – එජාපයෙන් දුන්න පිළිතුරු මෙන්න

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමන් එකග වන බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඊයේ (03) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම වාර්තාව මගින් එක්සත් ජාතික පක්ෂයේ කීර්තිනාමයට හානියක් සිදුව ඇත්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. ඊට ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රතිචාර දැක්වුවා.
එහිදී සඳහන කෙරුණේ, “හොරකම් කරන මිනිස්සුන්ට පක්ෂයක්..පක්ෂ භේදයක් නෑ.. මොනා හරි දේශපාලන පක්ෂයකට මේ මිනිස්සු අයිති වෙනවා.. මෙම කරුණේදී දේශපාලන පක්ෂයකට වඩා මේකට සම්බන්ධ වෙච්ච පුද්ගලයින්ටයි ඇඟිල්ල දිගු කරන්න ඕනේ. ඔවුනුයි ඔවුන්ට ඕන දේශපාලන පක්ෂය හොයාගෙන එන්නේ.” යනුවෙනි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට මෙම වාර්තාව මගින් එල්ල වී ඇති චෝදනා පිළිබඳ තමන් කණගාටුවන බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී කියා සිටියා.
(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)

Related posts

GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

Malar FM

රෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි… මධ්‍යම ඖෂධ ගබඩාවත් හිස්…

Malar FM

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

Malar FM