NewsPolitical

ජනපතිගේ ක්‍රියාමාර්ගය ‘ජවිපෙ’ අගය කරයි – සහය දෙන්නත් සූදානම්

බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුව ඇති පාඩුව අයකර ගැනීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්නේ නම් ඊට සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලැබූ ක‍්‍රියාමාර්ග තම පක්ෂය අගය කරන බවයි.
පසුගිය රජයේ මහා පරිමාණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තා සම්බන්ධයෙන් ද කඩිනමින් ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) සිදු කළ විශේෂ ප‍්‍රකාශයේ දී පැවසුවේ මහා පරිමාණයේ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තා 34ක් මේ වනවිට තමන් වෙත භාරදී ඇති බවයි.
මෑතක දී වාර්තා 17ක් තමන් වෙත ලැබුණු බවත්, ඊට පෙර තවත් වාර්තා 17ක් ලැබුණු බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. ඒ අනුව කලින් ලැබුණු වාර්තා 17 මේ වනවිටත් නීතිපතිවරයා වෙත භාරදී ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සිරකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක්..- හිරුණිකා කියයි.. රාජිත ඇතුලේ වැඩ.. හිරුණිකා එලියේ වැඩ…

Malar FM

රසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලි

Malar FM

කලින් අපේ ආයු කාලය අවුරුදු 95යි… රසායන පොහොර නිසා අවුරුදු 60ට අඩු වුනා..

Malar FM