NewsPolitical

රවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

උතුරු කොලඹ පැවති එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂික හමුවක් අමතමින් ඔහු එබව කියා සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.
‘ඒ ආණ්ඩුවෙ තමයි එස්බී දිසානායකල හිටියෙ, සුසිල් ප්‍රේමජයන්ත්ල හිටියෙ, දයාසිරි ජයසේකරල හිටියෙ, මහින්ද අමරවීරල හිටියෙ, ජෝන් සෙනෙවිරත්නල හිටියෙ.
අද මේ අය කතාකරන්නෙ මොකක්ද. ආර්ථිකය හදපු අයගේ චරිත ඝාතනය කරන්න හදනව. අද නිකං මැරිල ඉපදිල වගේ කතා කරන්නෙ.
බැදුම්කර කොමිසමේ වාර්තාව එලියට ඇවිල්ල තියෙනව. වාර්තවේ තියනදේ විකෘති කරල තියෙන්නෙ.
මම 23 වෙනිද ප්‍රකාශයක් කරනවා, මේ කරපු අපරාධය අපි මුළු ජනතාවටම කියල දෙනව” යයිද ඒ මහතා කියා සිටියේය.
වීඩියෝ

ජනපති කී කතාව !
කෙසේවුවද, කෑගල්ල ප්‍රදේශයේ පෙරේදා (20) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුයේ, ගතවූ අවුරුදු තුන තුළ රටේ ආර්ථිකය පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට බාරදී තිබූ බවත් මේ වසරේ සිට ආර්ථිකය කළමනාකරණයේ වගකීම තමා භාර ගන්නා බවත්ය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Malar FM

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…

Malar FM

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්ක නැතිව එක්ලක්‍ෂ හැටදාහක ජන සන්නිපාතයක් කොළඹ බලා මහ පාරේ..

Malar FM