NewsPolitical

ආණ්ඩුවට එන විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙකුට ඩොලර් මිලියන දෙකක්..

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා අවම ලන්සුව ඩොලර් මිලියන දෙකක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

රුපියල් වල වටිනාකම දිනපතා අඩු වන නිසා එම මුදල් ලබාදෙන්නේ ඩොලර් වලින් බවත් ඒ සදහා ආණ්ඩුවේ නායකයන් සතුව ඩොලර් ඇති බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීවරුනට ඩොලර් ගෙවමින් බිලිබා ගැනීමේ ක්‍රියාවලියක් දියත් ව ඇතැයි ද හෙතෙම සදහන් කලේය.

සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

රට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ.. ඉල්ලීම් ඉල්ලති..

Malar FM

රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..

Malar FM

නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..

Malar FM