NewsPolitical

රනිල් යලි ජනපති කලොත් ලංකාව ලොව බලවත් රටක් වෙනවා..

රට වැටුණු මොහොතේ රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ ජාතික සංවිධානයේ සහයෝගය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මංත්‍රී වජිර අබේවර්ධන මහතා
එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් මහා සම්මේලනය අමතමින් පැවසීය.

රට තවදුරටත් ඉස්සරහට ගෙන යාම සඳහා සියලු පක්ෂ වල සහයෝගය ලැබීය යුතුය.

සියලු පක්ෂ එක්කර ගනිමින් රට සංවර්ධනය කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබේ.

රට යළි ආර්ථික අර්බූදයකට යාමට ඉඩ ලබා නොදිය යුතුය.

ලෝකයේ රටවල් අතර බලවත් රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සෑම දෙනා සහයෝගය ලබාදිය යුතු බව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

එන සතියේ රටටම කන්න නැති වෙනවා…

Malar FM

හිටපු ජනාධිපතිවරයා භාරදුන් වාහන 68ක තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

Malar FM

ඉරාන ජනාධිපති හෙලිකොප්ටරය සමග අතුරදන්.. ඉරානය කැළඹෙයෙි.. ජනතාව යාඥාවල..

Malar FM