Local NewsNews

බෝරා මුස්ලිම් සමුළුව හෙට සිට.. කොළඹ පාරවල් වහයි..

බෝරා ආගමික මැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් බම්බලපිටිය පොලිස් වසමේ බෝරා දේවස්ථාන පරිශ්‍රයේ සහ ‌කොටුව ‌පොලිස් වසමේ ප්‍රර්දශණ හා සම්මේලන මධ්‍යස්ථානයේදි (Ashara Mubaraka) විශේෂ ආගමික වැඩසටහන් පහත පරිදි පැවැත්වීමට නියමිතව ඇත.

2024.07.07 වන දින සිට 2024.07.16 දක්වා

පෙරවරු 08.00 සිට පෙරවරු 11.00 දක්වා
පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා
පස්වරු 05.00 සිට රාත්‍රී 10.00 දක්වා

මෙම වැඩසටහන් පැවැත්වෙන අවස්ථාවේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පහත සඳහන් මාර්‌ග වල ගමනා ගමනය සීමා කෙරෙනු ඇත.

සීමා කරනු ලබන මාර්‌ගයන්

1. මුහුදු වෙරළ පාර පැල්මයිරා පෙදෙස හන්දියෙන් බම්බලපිටිය දෙසට ඇතුළුවීම.
2. මුහුදු වෙරළ පාර හේග් පාර හන්දියෙන් කොල්ලුපිටිය දෙසට ඇතුළුවීම.
3. ගාලු පාර ආදිමලෙයි පෙදෙස හන්දියෙන් පල්ලිය දෙසට අතුළුවීම.
4. රන්සිවි පටුමග අංක 37 දරණ ස්ථානයෙන් මුහුදු වෙරළ පාරට ඇතුළුවීම.
5. ශාන්ත ඇල්බන්ස් පාර මුහුදු වෙරළ පාර හන්දියෙන් මුහුදු වෙරළ පාරට ඇතුළුවීම.
6. බම්බලපිටිය දුම්රියපොල පාර මුහුදු වෙරළ පාර හන්දියෙන් මුහුදු වෙරළ පාරට ඇතුළුවීම.
7. ග්ලෙන් ආබර් පෙදෙස පල්ලිය දොරටුව අසලින් මුහුදු වෙරළ පාරට ඇතුළුවීම.

Related posts

අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයි

Malar FM

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි..

Malar FM

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යයි

Malar FM