Local NewsNews

අධිකරණ නියෝගයක් ආවොත් 17 වැනිදා ජනාධිපතිවරණය කැදවන්න බෑ..- මැ.කො

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට විභාගයට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තහනම් නියෝගයක් නිකුත් කළහොත් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත්කිරීම අත්හිටවීමට සිදු වන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසන්නේ දැනට පවතින තත්වය මත ජූලි 17 න් පසු මැතිවරණයට අවශ්‍ය නාමයෝජනා කැඳවීමේ දිනය නිවේදනය නිකුත් කිරීමට බලය ලැබෙන බවයි.

ඉන් දින 16ත් 21ත් අතර දිනයක නාමයෝජනා කැඳවන බවත් නාමයෝජනා කැඳවන දින සිට සති 4-6 අතර කාලසීමාව තුළ ඡන්ද විමසීම සිදු කරන බවත් රත්නායක මහතා පැවසීය.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉහත පෙත්සමට තහනම් නියෝගයක් ලබා නොදුනහොත් කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවත් ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 අතර පැවැත්විය යුතු බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපති

Malar FM

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Malar FM

අවුරුදු සතියේ කොරෝනා තවත් ඉහලට… අවුරුදු සැමරුම් නෑ..

Malar FM