Local NewsNews

අධිකරණ නියෝගයක් ආවොත් 17 වැනිදා ජනාධිපතිවරණය කැදවන්න බෑ..- මැ.කො

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට විභාගයට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තහනම් නියෝගයක් නිකුත් කළහොත් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත්කිරීම අත්හිටවීමට සිදු වන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසන්නේ දැනට පවතින තත්වය මත ජූලි 17 න් පසු මැතිවරණයට අවශ්‍ය නාමයෝජනා කැඳවීමේ දිනය නිවේදනය නිකුත් කිරීමට බලය ලැබෙන බවයි.

ඉන් දින 16ත් 21ත් අතර දිනයක නාමයෝජනා කැඳවන බවත් නාමයෝජනා කැඳවන දින සිට සති 4-6 අතර කාලසීමාව තුළ ඡන්ද විමසීම සිදු කරන බවත් රත්නායක මහතා පැවසීය.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉහත පෙත්සමට තහනම් නියෝගයක් ලබා නොදුනහොත් කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවත් ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 අතර පැවැත්විය යුතු බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමතිවරියට බාරදෙයි

Malar FM

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Malar FM

ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවල

Malar FM