NewsPolitical

ජනාධිපති වූ ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා.. නාකි වෙන්න පෙර බලය අතහරිනවා..

ජාතික ජන බලවේගයේ පාලනයක් තුල කිසිවකු හැරමිටියෙන් යනතුරු බලයේ නොසිටින බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නියමිත කාලයට අතේ තිබෙන බලය නව තරුණ පරම්පරාවක් අතට භාර දෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.

‘මාලිමාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත, විනාශකාරී කණ්ඩායම එළවනවා.

ඊළඟට පළාත් සභා, ප්‍රාදේශීය සභා ඡන්දවලින් අලුත් කණ්ඩායමක් අතට රටේ බලය මාරු වෙනවා.

අපට බලය අවශ්‍ය ඇයි? අපට පෞද්ගලික අවශ්‍යතාවන් නැහැ. ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලවල කිසිවෙක් ඉඩම් අල්ලා ගන්න, හෝටල් ගන්න, ගල් මෝල් දාන්න, වැලි කපන්න, බහුදින යාත්‍රා දාන්න, බාර් දාන්න, පෙට්‍රල් ෂෙඩ් දාන්න එන්නේ නැහැ. හෝටල් දාන්න ඕන හෝටල් කර්මාන්ත කරන අය. වගා කරන්න ඕන ගොවිතැන් කරන අය. පෙට්‍රල් ෂෙඩ් දාන්න ඕන ව්‍යාපාරිකයන්. පතල් කපන්න ඕන මැණික් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයෝ. අපිට බාර් දාන්න ඕන නැහැ.

රට ගොඩ දාන්න අපි හොඳ සැලැස්මක් හදනවා. ඒ වගේම අපි හැරමිටියෙන් යනකම් ඉන්නෙත් නැහැ. අපි නියමිත කාලෙට අපේ අතේ තිබෙන බලය නව තරුණ පරම්පරාවක් අතට බාරදීලා එයාලා රට කරන හැටි බලාගෙන ඉන්නවා. ඒත් එයාලා මේක දාලා යන්න කැමැති නැහැ.”

Related posts

ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..

Malar FM

මංතීරු නීතිය පරීක්ෂා කරන්න ගුවන් හමුදාවේත් සහය – කඩ කරන්නන්ට අද සිට නීතිමය පියවර

Malar FM

කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..

Malar FM