Local NewsNews

රත්නපුර මහ වැසි… මාර්ග ජලයෙන් යටවේ..

අවසන් පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර කකලටුවාව ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම අගය මිලිමීටර් 150 කි.

එම කාලය තුළ වෝගන් වතුයාය ප්‍රදේශයට මිලිමීටර් 122.8 වර්ෂාපතනයක් සහ බණ්ඩාරගම ප්‍රදේශයට මිලිමිටර් 115.6 වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර එම කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයන් ලැබී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර ,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් එලෙස ජලයෙන් යටවී තිබේ.

ඒ අනුව බුලත්සිංහල මෝල්කාව මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ.

ගිංගඟේ අතුරු ඇළ මාර්ග පිටාර ගැලීමෙන් අතුරු මාර්ග කිහිපයක් ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

Malar FM

ට්‍රම්ප්ගෙන් තද තීරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ අරමුදල් සපයන්නා වූ අමෙරිකාව සංවිධානයෙන් ඉවත් වේ

Malar FM

ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOS

Malar FM