NewsPolitical

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

මෙරට පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල බහුතරයක් ඇති ප්‍රදේශවලින් දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලැබූ මෙම විශිෂ්ඨ ජයග්‍රහණයත් සමග ජාතික ආණ්ඩුවේ හවුල්කරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ආතතියක් වර්ධනය වෙමින් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී රටේ පාලනය සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගනු ඇති බවද පෙන්වා දී තිබෙනවා.
මැතිවරණයේ ලද විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පසු සතුට සාමකාමීව භුක්ති විඳින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබෙනවා.
රටේ පාර්ලිමේන්තුව තුළ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) ද කලකට පසු දෙමළ බහුතරයක් ඇති පැතිවලින් දැනෙන ජයග්‍රහණයක් හිමි කරගෙන ඇති බවද වාර්තා කරනවා.
රටේ නැගෙනහිර පළාතේ නිල ඡන්ද ප්‍රථිඵල අනුව සැළකියයුතු වෙනසක් සිදු වෙමින් ඇති බවද පෙන්වා දී තිබෙනවා.
සියල්ල පිළිබඳ විමසිල්ලෙන් බැලීමේදී ශ්‍රී ලංකාවේ ජනතාව මුලින් ප්‍රකාශ කළ ජනමතය මේ අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලමින් ඇති බවත් වාර්තා කරනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගංජා කිලෝ 49ක් සමග සැකකාරියක් අත්අඩංගුවට

Malar FM

රනිල් – සජිත් පිල එකතු කරන්න තිස්සගෙන් කපුකමක්

Malar FM

තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

Malar FM