Local NewsNews

දියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!

තලවතුගොඩ හන්දිය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය වූ බී.එම්. ඩබ්ලිව් වර්ගයේ සුපිරි මෝටර් රථයක්‌ තවත් රථ කිහිපයකද ගැටී පසුගිය (17) වනදා අසල තිබූ ඇල මාර්ගයකට ගොස් තිබුණා. මෙම අනතුරෙන් පසු රථයේ රියදුරු පලා ගොස් තිබූ අතර රථයේ හිමිකාරීක්වය පිළිබඳ ආන්දෝලනාත්මක තත්වයක්ද ඇතිවුනේ මෙම මෝටර් රථය දේශපාලන ප්‍රභලයෙකුට අයත්යැයි පැතිර ගිය කතාවත් සමඟයි.
මේ සම්බන්ධයෙන් කතාබහ වූ දේශපාලන ප්‍රභලයින් අතර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම්ද සිටියා. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ රිය අනතුරට භාජනය වූ එක් මොටර් රථයක් පදවා ඇත්තේ තමන්ගේ ඥාතියෙකු වන නමුත් ඔහු අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු නොවන බවත්ය.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කල නිවේදනය පහතින්.
තලවතුගොඩ දී 2018 – 03 – 17 දින බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සහ තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවිවල පළවන වාර්ථා මාගේ අවධානයට ලක් කළෙමි. රිය අනතුරට භාජනය වූ එක් මොටර් රථයක් පදවා ඇත්තේ මාගේ ඥාතීයෙකු වන නමුත් ඔහු මගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු නොවන බවත්, මාගේ දේශපාලන කටයුතුවලට කිසිසේත්ම සම්බන්ධයක් නැති පුද්ගලයෙකු බවත් අවධාරනය කරමි. තව දුරටත් මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් කරගෙන යනු ලබන අපක්ෂපාතී පරීක්ෂණ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම මොහොතකදී මාගේ සහයෝගය උපරිමයෙන් ලබා දීමට මැදිහත් වන බවද අවධාරනය කරනු කැමැත්තෙමි.
ස්තූතියි.
මෙයට – විශ්වාසී
කබීර් හෂීම් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය
අපරීක්‍ෂාකාරී අයුරින් වේගයෙන් රිය පදවා ඇති මෙම මෝටර් රථයේ රියැදුරු අධික ලෙස මත්පැන් පානය කර සිටින්නට ඇති බවට පොලීසිය සැකපල කරන අතර මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

අධිකරණ නියෝගයක් ආවොත් 17 වැනිදා ජනාධිපතිවරණය කැදවන්න බෑ..- මැ.කො

Malar FM

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

Malar FM

මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්

Malar FM