Local NewsNews

ලක්විජය බලාගාරයේ පරිසර ආරක්ෂක මෙවලම්වල ගැටළු

ලක්විජය ගල්අගුරු බලාගාරයේ සවි කර ඇති ප‍්‍රධාන පරිසර ආරක්ෂක මෙවලමක් කි‍්‍රයාත්මක වන්නේ අවශ්‍ය කාර්යක්ෂමතා මට්ටමට පහතින් බව sundaytimes.lk වාර්තා කරයි.
එම හේතුව නිසා බලාගාරයෙන් පිටවන දුමාරයෙහි නොයෙකුත් විස රසායනික අඩංගු වේ.
කොටස් තුනකින් යුත් බලාගාරයේ එක් කොටසකට සවි කර ඇති electrostatic precipitator (ESP) නම් වන එම මෙවලම මාසයක පමණ කාලයක් තිස්සේ කි‍්‍රයාත්මක වන්නේ, සියයට 40ක් පමණක් වූ කාර්යක්ෂමතා මට්ටමකින් බව පැවසේ.
නමුත්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ප‍්‍රකාශක ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ එය විශාල ගැටළුවක් නොවන බවයි.
අළු පෙරහන් කිරීම සඳහා එම මෙවලමෙහි ඇති කොටස් 16කින් පහක් කි‍්‍රයාත්මක නොවන නමුත් 11ක් කි‍්‍රයාත්මක මට්ටමේ පවතින බව අමාත්‍යංශ ප‍්‍රකාශකයා කියා සිටී.
කෙසේ වෙතත්, බලාගාරයේ අදාළ කොටස වසා දමා අලුත්වැඩියා කටයුතු සිදු කිරීීමට ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අවසර ඉල්ලා ඇති බව ඔහු සනාථ කරයි.
විශාල ගැටළුවක් පවතින්නේ නම් පමණක් එම පියවර ගන්නා බව ප‍්‍රකාශකයා කියා සිටි.
නමුත්, වයඹ පළාත් පරිසර අධිකාරියේ ප‍්‍රධානී සමන් ලේනදූව පවසන්නේ, අදාළ අළුත්වැඩියාව වහාම සිදු කළ යුතු බවයි.
Flue-gas desulphurizer නම් වන බලාගාරයේ තවත් ප‍්‍රධාන ආරක්ෂක මෙවලමක් දින 10ක කාලයක් කැඩී තිබී යථා තත්්ත්වයට පත් කර ඇත්තේ පසුගිය සතියේදී බව ද වාර්තා වේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

චීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…

Malar FM

පොහොර නෑ.. සාගතයක් එනවා.. බඩගින්නෙ මැරෙන්නැයි වෙන්නේ…

Malar FM

දෙමඩගොඩ අක්කර තුනහමාරක් වසර 99කට ආයෝජකයන්ට බදු දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..

Malar FM