Local NewsNews

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමෙන් පසු සිය පාඩුව ආසන්න වශයෙන් දිනකට රුපියල් මිලියන 38කින් වැඩි වූ බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා. එහි සභාපති ධම්මික රණතුංග පැවසුවේ තමන් පෙට්‍රල්, ඩීසල් මෙන්ම භූමිතෙල් ද අලෙවි කරන්නේ  පාඩු ලබමින් බවයි.
අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිමෙන් පසු සිය පිරවුම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයින් ගණන වැඩිවී ඇතැයි ද පාඩු වැඩිවූයේ ඒ නිසා බවද ඔහු පැවසුවා.
අයි ඕ සී සමාගම මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවි කරන්නේ ලීටරයක් රුපියල් 126ටයි. එහෙත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117ක්.
අයි ඕ සී සමාගමේ පිරවුම්හල්වල ඩීසල් අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 100ටයි. එහෙත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව තවදුරටත්් ලීටරයක් රුපියල් 95ක මිලකට ඩීසල් අලෙවි කරනවා.
අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල මෙලෙස වැඩි කළේ ඉකුත් 24 වනදා සිටයි. ඒ අනුව ගත වූ සතියක කාලයේදී ලංකා ඛණිජ තෙල් සංස්ථාව ලබා ඇති අතිරේක පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 266ක්.

Related posts

පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

Malar FM

නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමති

Malar FM

ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ යාමට 47%ක අධික බදු බර බලපා ඇති බව රවී කරුණානායක මහතා පවසයි

Malar FM