Local NewsNews

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමෙන් පසු සිය පාඩුව ආසන්න වශයෙන් දිනකට රුපියල් මිලියන 38කින් වැඩි වූ බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා. එහි සභාපති ධම්මික රණතුංග පැවසුවේ තමන් පෙට්‍රල්, ඩීසල් මෙන්ම භූමිතෙල් ද අලෙවි කරන්නේ  පාඩු ලබමින් බවයි.
අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිමෙන් පසු සිය පිරවුම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයින් ගණන වැඩිවී ඇතැයි ද පාඩු වැඩිවූයේ ඒ නිසා බවද ඔහු පැවසුවා.
අයි ඕ සී සමාගම මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවි කරන්නේ ලීටරයක් රුපියල් 126ටයි. එහෙත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117ක්.
අයි ඕ සී සමාගමේ පිරවුම්හල්වල ඩීසල් අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 100ටයි. එහෙත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව තවදුරටත්් ලීටරයක් රුපියල් 95ක මිලකට ඩීසල් අලෙවි කරනවා.
අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල මෙලෙස වැඩි කළේ ඉකුත් 24 වනදා සිටයි. ඒ අනුව ගත වූ සතියක කාලයේදී ලංකා ඛණිජ තෙල් සංස්ථාව ලබා ඇති අතිරේක පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 266ක්.

Related posts

රැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..

Malar FM

විෂය නිර්දේශයෙන් ‘ඉංග්‍රීසි’ ඉවත් කිරීමට ගත් තීරණය

Malar FM

කොරියන් ගිය ශ්‍රී ලාංකික තරුණයා යැවූ බව කියන අහස් කූරක් නිසා ඉන්ධන ලීටර් මිලියන තුනක් විනාශ වෙයි..! තරුණයා සැකපිට අත්අඩංගුවට

Malar FM