NewsPolitical

අගමැති බෙරුණේ නැත්නම් ජනපතිත් පසෙකට

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම අද උදෑසන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම සාකච්ඡාවෙන් පසුව  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.
ඒ මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය සහ විජිත් විජයමුණි ද සොයිසා යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන්. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාවේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින් ඊයේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කෙරුණා.
විජිත් විජයමුණිද සොයිසා අමාත්‍යවරයා පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ එකම ඉල්කක්ය වී තිබුණේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පමණක්ම නොවූ බවද, පක්ෂයත් අත්පත් කරගෙන ජනාධිපතිවරයාත් පසෙකට තල්ලු කිරීමේ උත්සාහයක් බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපතිට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බෑ

Malar FM

රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි..- පබා පලිහවඩන

Malar FM

වහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..

Malar FM